මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

 
ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

සාමාන්‍යයෙන් මහ බැංකුවේ අධිපතිවරයෙකුගේ ප්‍රකාශයෙන් පසුව රුපියල කඩා වැටෙන්නේ නොමැති නමුත් මහ බැංකුවේ අධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයෙන් පසුව රුපියල තව තවත් කඩා වැටුණු බව හෙතෙම සඳහන් කරයි.

“මහ බැංකුවේ අධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන්න ඕන අපේ විනිමය වෙළෙඳපොළ යථාතත්ත්වයට පත්වේවි කියල. නමුත්, සිදුවුණේ කළු කඩය කියන අවිධිමත් විනිමය වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 220 ක් දක්වා ඉහළ නැග්ගා. මහ බැංකුවේ අය හිතාගෙන ඉන්නව නම් මෙරට විනිමය අර්බුදයක් නෑ. මේක කිහිප දෙනෙකු විසින් එකතුවෙලා කරන කුමන්ත්‍රණයක් කියලා. ඒක වැරදියි.“

මේ නිසා, මහ බැංකුවක් සත්‍යවාදී විය යුතු බවත් වෙළෙඳපොළ තොරතුරු නොසඟවා පැවසිය යුතු බවත් එවිට වෙළෙඳපොළ තුළ තිබෙන අනවශ්‍ය බිය නැතිවී යන බවත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එසේම, පවතින තත්ත්වය අනුව රුපියල තව තවත් කඩා වැටේයැයි උපකල්පනය කළ හැකි බවද හෙතෙම කියයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පැහැදිලි කරමින් ඔහු YouTube නාලිකාවක් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad