ගෑස් හිඟයක් ගැන ඉඟියක් - ආර්ථික අර්බුධය දරුණු අතට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

ගෑස් හිඟයක් ගැන ඉඟියක් - ආර්ථික අර්බුධය දරුණු අතට !

ඉදිරියේ දී ගෑස් ආනායනය සීමා කිරීමට සිදුවිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

රට තුළ පවතින ඩොලර් සංචිත හිඟය ඊට හේතුව බව යි එම සමාගම පෙන්වා දෙන්නේ.

ගෑස් ආනායනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වී ඇති බව ද ඔවුන් පවසනවා.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද මාධ්‍ය වෙත තහවුරු කළේ පවතින මූල්‍ය අර්බුධයත් සමගින් මේවන විට ඇතැම් බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව යි.

මේ අතර ගෑස් ආනායනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට මෙතෙක් කිසිදු ගැටළුවක් උද්ගත වී නොමැති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

මෙරට ගෑස් වෙළඳ පොලෙන් 75%ක කොටසක් ලිට්රෝ සමාගමට හිමි අතර ලාෆ් සමාගමට 25%ක කොටසක් හිමිව තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad