මහින්දානන්ද අනාවැකියක් විදිහට කී ජන්ද 155 හදා දෙන හකීම්ගේ-රිෂාඩ්ගේ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

මහින්දානන්ද අනාවැකියක් විදිහට කී ජන්ද 155 හදා දෙන හකීම්ගේ-රිෂාඩ්ගේ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සහභාගී වී තිබේ.

මෙම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.

මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය තීරණය කළ බවයි.

මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තවත් රැස්වීමක් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්. එම්. එම්.හරීස්, නසීර් අහමඩ්, මර්ජාන් ෆලීල්, ඉෂාක් රහුමාන්, අලි සබ්‍රි රහීම්, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ එස්.එම්.මුෂාරෆ් මෙම හමුවට සහභාගීව තිබේ.

මෙම රැස්වීමට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා සහ රහීම් හැරුණු විට අනෙකුත් සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකයින් වන අතර රිෂාඩ් බදියුදින්ගේ නායකත්වය යටතේ සමස්ත ලංකා මහජන සම්මේලනයේ සාමාජිකයෝ වෙති.


No comments:

Post a Comment

Post Bottom Ad