Breaking: මීලඟ ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

Breaking: මීලඟ ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

මීලඟ ජනාධිපතිවරණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අද (19) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවක් අතරතුර දී ඔහු මෙම අදහස් පළ කර ඇති බව යි වාර්තා වන්නේ.

එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත්වන බවට එම පෙරමුණෙහි මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම අදහස් දක්වා ඇති පසුබිමක ජනාධිපතිවරයා මෙලෙස පැවසීම කැපී පෙනෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad