ඒ කතාව බොරු! ගම්මන්පිල කියපු ඩොලර් නැති කතාවට බැසිල් ඒ මොහොතේම උත්තර දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

ඒ කතාව බොරු! ගම්මන්පිල කියපු ඩොලර් නැති කතාවට බැසිල් ඒ මොහොතේම උත්තර දෙයි!

ආණ්ඩුවට ඩොලර් නැති බවට ඇතැමුන් විසින් කරන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කොට ඇත.

ඊයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කොට තිබේ.

මෙහි ඇති විශේ්ෂත්වය වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ‌රටේ ඩොලර් හිගය හේතුවෙන් තෙල් මිල ඉහළ ගිය බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කරමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය සිදු කිරීමය.

‘රටේ කිසිම ඩොලර් ප්‍රශ්නයක් නෑ. සමහරු ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා කියලා බොරු ප්‍රචාරයක් යවනවා. දැනට විදේශ සංචිතවල ඩොලර් බිලියන 4ක් තියෙනවා. යුද්ධෙ කාලෙ අපේ සංචිත ඩොලර් බිලියන 1.5ට බැස්සා. හැබැයි අපි රට වැටෙන්න දුන්නේ නෑ. ඒ නිසා අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා කියලා සමහරු කියන කතා බොරු’ යනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad