''ලිංගික හිංසනයක්'' ගැන කියමින් අනූෂා දමයන්ති CIDයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

''ලිංගික හිංසනයක්'' ගැන කියමින් අනූෂා දමයන්ති CIDයට

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති මහත්මිය අද (ජූලි 23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.

ෆේස්බුක් හරහා තමන්ට සිදු කරන අපහාස සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනූෂා දමයන්ති මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය. 

"මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. ඒ මං හිතන්නේ රාජපක්ෂ කඳුවුර වෙනුවෙන් මම දැඩි සේ සටන් කළාය කියන දේ සහ ඒ වෙනුවෙන් මට ලොකු මඩ ප්‍රහාරයක් යනවා සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන. ඒ නිසා මට අවශ්‍ය වුණා ඒ වෙනුවෙන් කටයුතු කරන්න. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත් ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒ වගේ නින්දිත ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ කියන එක හිතිච්ච නිසා තමයි මම CID එකට ආවේ."  


No comments:

Post a Comment

Post Bottom Ad