මහා විනාශයක් ! ලංකාවේ මුහුද මැරිලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

මහා විනාශයක් ! ලංකාවේ මුහුද මැරිලා !

ඉන්දියාව සහ බංග්ලාදේශය වසර ගණනක් තිස්සේ එම රටවලින් බැහැර කරන ප්ලාස්ටික්, පොලිතින් අපද්‍රව්‍ය විශාල වශයෙන් මුහුදට මුදාහැරීම නිසා සිදුව ඇති බරපතළ සමුද්‍ර 
දූෂණය හේතුවෙන් බෙංගාලබොක්කේ ශ්‍රී ලංකා මුහුදු කලාපය දෙසට කිලෝමීටර් 65,000ක් දුරට මත්ස්‍ය සම්පත් ඇතුළු ජීවීන්ගෙන් තොර “මළ මුහුදු” කලාපයක් නිර්මාණය වී ඇති බව ජාතික විගණන දෙපාර්තමේන්තුව සිදුකළ පරිසර විගණන වාර්තාවකින් හෙළිවී තිබේ.

එම පරිසර විගණන වාර්තාව 2020 වසරේ එළිදැක ඇතැයි පරිසර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අදාළ මුහුදු ප්‍රදේශයේ මුහුදු පත්ල පොලිතින් සහ ප්ලාස්ටික්වලින් වැසීගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්ව ඇත.

එම බලපෑම මන්නාරම ඇතුළු ශ්‍රී ලංකාවේ වයඹ වෙරළ තීරයටද බලපා ඇති නිසා මත්ස්‍ය සම්පත් වර්ධනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි අනතුරුදායී තත්ත්වයක් මතුවී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවෙන් විශාල වශයෙන් කැ ළි කසළ මුහුදට බැහැර කරන බවද හෙළිවී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad