රට හැමදාම වහගෙන ඉන්න බෑ…කොහෙන්ද එතකොට සල්ලි හම්බවෙන්නේ – ඇමතිනි සුදර්ශනී (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

රට හැමදාම වහගෙන ඉන්න බෑ…කොහෙන්ද එතකොට සල්ලි හම්බවෙන්නේ – ඇමතිනි සුදර්ශනී (video)

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඊයේ (19) කොළඹ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසූවාය.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩු වුවත් තවමත් අවධානම පහව ගොස් නැතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය එන්නත්කරණය තුළින් මියයෑම් අනුපාතය අඩුකර ගත හැකි බව ද සඳහන් කළාය.

මේ තත්ත්වයක් තුළ උද්ඝෝෂණ සිදුකරන පුද්ගලයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය, ආණ්ඩුවට පමණක් කොවිඩ් පාලනය තනිව සිදුකළ නොහැකි බව ද පැවසුවාය.

මේ අතර කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරියටත් රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය ජනතා සහයෝගය ඊට ලැබිය යුතු බව ද සඳහන් කළාය.

“රජයේ අරමුණ තමයි සැප්තැම්බර් අගවෙද්දි 30ට වැඩි සියලුදෙනා ම එන්නත්කරණය කිරීම. ඒ එන්නත්කරණය හරහා මරණ අවම කර ගන්න පුළුවන්. දැන් ඩෙල්ටා ප්‍රභේදය තියෙන රටවලත් රෝගය හැදුනට මියයෑම් හුඟාක් අඩුවෙලා තියෙනවා. අපේ අරමුණත් එන්නත්කරණය හරහා රට ක්‍රමානුකූලව අරින්න. හැමදාම ඒක වහගෙන ඉන්න බෑ. වහගෙන හිටියම කොහොන් ද සල්ලි හම්බවෙන්නේ රටට. රටේ මිනිස්සුන්ට කොහෙන්ද සල්ලි හම්බන්නේ. කොවිඩ් එක්ක ජීවත්වෙන්න අපි හුරුවෙන්න ඕනේ. හැබැයි ඉතින් අපි දැනගන්න ඕනේ ආරක්ෂා වෙන්න.”


No comments:

Post a Comment

Post Bottom Ad