ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

ඩෙල්ටා රට වටේම යනවා... කලින් රැළි දෙකටම වඩා තත්ත්වය භයානක වේවි - PHI සභාපති කල්තියා අනතුරු අඟවයි

මේ වනවිට ඩෙල්ටා ප්‍රබේදය රට පුරා පැතිරෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙය රටේ ප්‍රමුඛතම ප්‍රබේදය විය හැකි බවත්, එසේ වුවහොත් ඉකුත් රැලි දෙකටම වඩා මෙවර රැල්ල භයානක විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේද මේ වනවිට නැවත වතාවක් වසංගත රෝග රැල්ල හිස ඔසවමින් පවතින බවත්, බොහෝ රටවල් නැවත සංචරණ සීමා පනවමින් රටවල් අගුලු දැමීමට පියවර ගෙන ඇති බවත්ය.

එසේ තිබියදී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජනතාව කොරෝනා රෝගයක් තිබුණාදැයි කියා හෝ නොතකමින් කටයුතු කිරීම කනගාටවුට කරුණක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad