තව මාස 06කින් එළවළු නෑ..දැඩි ආහාර හිගයක් – නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 20, 2021

තව මාස 06කින් එළවළු නෑ..දැඩි ආහාර හිගයක් – නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කියයි

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලදාම සදහා පමණක් විවෘත කර ඇති බවත්,පිටස්තර පුද්ගලයන්ට ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල්විමට ඉඩ ලබා නොදෙන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත මහතා පැවසිය.

නුවරඑලිය අර්ථික මධ්‍යස්ථානයේදි 19 දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

රජයේ නිකුත් කර තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථායේ කටයුතු පවත්වාගෙන යන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වු නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත මහතා කියා සිටියේ.

ගිය සතියේ එහෙම නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවළු ලක්ෂ දෙකක් , දෙකහාමාරක් පමණ එලියට ගියා. නමුත් මේ වන විට සැහෙන්න අඩු වෙලා තියෙනවා එකට එකක් වගේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ගොවින් ගාවට ගිහින් තමයි එලවළු ගන්නේ ,නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අනවශ්‍ය පුද්ගලයන්ට එන්න දෙන්නේ නැ.

සිල්ලර වෙලදාම 10% වඩා අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික මධ්‍යස්ථානය තුල සිදු කරන්නේ.

රජයෙන් නිකුත් කරලා තියෙන සෞඛ්‍ය උපදෙස් වලට  අනුකුලව තමයි අපි කටයුතු කරන්නේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල බලනකොට අල හිගයක් තියෙනවා ,අනිත් එලවළු සමාන්‍ය මට්ටමේ පවතිනවා.

ආර්ථික මධ්‍යස්ථාන පවතින්නේ ගොවිතැනින් , ගොවිතැනින් ජිවත් වන අය අද දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා පොහොර නොමැති විම නිසා.

රජයෙන් අක්කරයකට පොහොර මිටි 4 ක් විතර දෙනවා , ඒ පොහොර ටිකෙන් අපිට මේක කරන්න බැ.

මේ යන විදිහට ලංකාව තව මාස 06 කින් වගේ දැඩි ආහාර හිගයකට ලක් වෙනවා එලවළු නොමැති විමෙන්.

රජය මේ කරපු වැඩේ හොදයි නමුත් ඒක කරන්න ඕනි ක්‍රමවේදයකට , පසක් කාබනික පොහොර සදහා හුරු කිරිමට අවුරුදු පහක් පමණ යනවා.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad