එල්.ටී.ටී.ඊයට පණ දෙන්න වීඩියෝ යවපු තරු‍ණයා STF දැලේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 20, 2021

එල්.ටී.ටී.ඊයට පණ දෙන්න වීඩියෝ යවපු තරු‍ණයා STF දැලේ!

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණින් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ තරුණයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පොලීසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් මුසුරාම් ප්‍රදේශයේදී ය.

සැකකරු සිය ජංගම දුරකතනයේ තිබූ එම වීඩියෝ දර්ශන ඔහුගේ හිතවතුන්ට හා තවත් පුද්ගලයන් විශාල පිරිසකට වට්ස් අප් සහ වයිබර් වැනි අන්තර්ජාල මාධ්‍ය මගින් බෙදා හැර ඇති බවත් මේ සදහා ඔහුට තවත් කිහිප දෙනෙකු සහාය ලබාදී ඇති බවට හෙළිවී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව සදහන් වෙයි.

සැකකරුගේ ජංගම දුරකතනය වැඩිදුරටත් පරීක්ෂා කර බැලීමේදී ඒ තුළ තිබී ‘ආවා කල්ලියේ’ වීඩියෝ දර්ශන කීපයක් ද සොයා ගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු කිලිනොච්චිය ධර්මපුරම් පොලීසියට භාර දෙනු ලැබ ඇති අතර රැඳවුම් නියෝග මත පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම් කරනු ලබන බව ද පොලීසිය පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad