තවත් මරණ 198 ක් වාර්තා වේ- සමස්ත මරණ සංඛ්‍යාව 7,183යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

තවත් මරණ 198 ක් වාර්තා වේ- සමස්ත මරණ සංඛ්‍යාව 7,183යි

කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇත.

මෙම මරණ 198ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,183ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

ඒ අතර කාන්තාවන් 81 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 117 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 154 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad