රට වහන්න ගත් තීරණයට ස්තූතියි.. කොරෝනා මඩින්න නම් දිනකට PCR ලක්‍ෂයක් කල යුතුයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

රට වහන්න ගත් තීරණයට ස්තූතියි.. කොරෝනා මඩින්න නම් දිනකට PCR ලක්‍ෂයක් කල යුතුයි..

රට වසා දැන ඇති කාල සීමාව තුළ දිනකට PCR පරීක්ෂණ ලක්ෂයක් ඉක්මවා සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

රට වසා දැමීමේ ප්‍රයෝජනයට ගැනීමට නම් PCR පරීක්ෂණ විශාල වශයෙන් වැඩි කළ යුතු බවද පැවසූ ඔහු මුළු රටම පීරා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු යැයි කියා සිටියේය.

පරීක්ෂණ සිදුකර හඳුනාගන්නා ආසාදිතයන් සමාජයෙන් දුරස් කොට තැබීමත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි මොහොතේ සිදු කිරීමත් ආණ්ඩුව සිදුකළ යුතු බවත් ඔහු පවසයි.

දින දහයකට හෝ සම්පූර්ණයෙන් රට වසා තැබීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තූතිවන්ත වන බවද පැවසූ ඔහු එසේ කරන්නට සිදු වූයේ ආණ්ඩුව එල්ල වූ සමාජ බලපෑම නිසා බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad