ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව විසින් එලැඹෙන 04 වන දින මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක් පැවැත්වීමට සූදානම් කර ඇති බව එම එකමුතුව පවසයි.
එම සංගමය පවසන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අද (02) දිනයේ අමාත්‍ය මණ්ඩල තීරණවලින් පිළිගත හැකි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් මෙම දැවැන්ත පාගමනක් පැවැත්වීමට තීර්ණය කළ බවයි.
ඒ අනුව අගෝස්තු 04 වන දින පෙරවරු 10.00 ට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වන පාගමන ගමනාන්ත කිහිපයක් ඔස්සේ අගොස්තු මස 09 වන දින කොළඹට පැමිණීමට නියමිතයි.
No comments:
Post a Comment