තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 15, 2021

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි

ඊයේ(16) පස්වරුව වන විට තලේබාන් අන්තවාදී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍යය ප්‍රකාශ කර සිටී.

තලේබාන්වරු බලය තහවුරුකර ගැනීමත් සමඟම ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයකින් ටජිකිස්ථානයට පලාගිය බවද විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේය.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශ රටවල රාජතාන්ත්‍රිකයන් කාබුල් අගනුවරින් ඉවත් කරගෙන ඇති බවත් එරට ගුවන් යානාවල දැඩි තදබදයක්ද ඇති වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටිනා බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad