අමාත්‍යංශයේ මට ඉතිරි වුනේ කාමරේ විතරයි - ඒකත් නාමල්ට දෙන්න - කබ්රාල් රාජපක්ෂවරුන්ට ලිපියකින් කියයි | Ajith Nivard Cabraal - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

අමාත්‍යංශයේ මට ඉතිරි වුනේ කාමරේ විතරයි - ඒකත් නාමල්ට දෙන්න - කබ්රාල් රාජපක්ෂවරුන්ට ලිපියකින් කියයි | Ajith Nivard Cabraal


තමන් දරන රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොටසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට පත් කිරීම පිලිබදව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියා ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරයි.
තමන් දරුණ ලද රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොටසක් කැබිනට් අමාත්‍යාංශයක් වීම පිළිබඳ සතුටු වන බව කබ්රාල් මහතා සඳහන් කර තිබේ.

එම රාජ්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ ‘මෙහෙයුම් කාමරය’ පමණක් පවරා ගෙන නොමැති බවත් එය අතපසුවීමකින් සිදුවිය හැකි එකක් නිසා එයද නව අමාත්‍යවරයාට පවරා දෙන ලෙසත් කබ්රාල් මහතා එමගින් දැනුම් දී ඇත.

ආසන්නයේදීම පැවති කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට පවරා ලද නව අමාත්‍ය ධුරට අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් දරන ලද ව්‍යාප්ති අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් පවරා දී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad