නිවසින් බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණයි! අද සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

නිවසින් බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණයි! අද සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

අද සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ පසුගිය 13 වනදා යාවත්කාලීන කෙරුණු මාර්ගෝපදේශ සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් පැනවී තිබෙනවා.

ඒ අනුව මෙම කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් පුද්ගලයෙකුට පමණයි. එහෙත් රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ.

මීට අමතරව සියලූම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති 02 ක කාලයක් සඳහා වසා දැමීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම සියලූ පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දැමෙනු ඇති.

එය අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබේ. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.
කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමේ.
ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා  වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.
පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.
හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad