කොතලාවල පනත 'නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි' බව වාසුගේ පක්ෂය පවසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 1, 2021

කොතලාවල පනත 'නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි' බව වාසුගේ පක්ෂය පවසයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

එම පක්ෂය මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, මුදල් ගෙවීමේ පදනම මත උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ඇති කිරීම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බවය.

එමෙන් ම, ආරක්ෂක අංශවල නීතිරීති හා පාලන ක්‍රම අනුව සාමාන්‍ය සිවිල් ශිෂ්‍යයන් හැසිරවීමට උත්සාහ කිරීම ද මෙරට ව්‍යවස්ථාවට පටහැනි බව ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත. 

ඒ අනුව, ශිෂ්‍ය සංගම් සඳහා පවතින ඉඩකඩ ඇහිරීම නීත්‍යානුකූල නොවන බව අවධාරණය කරන ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතේ වගන්ති වෙන වෙන ම විග්‍රහ කිරීමට වඩා එහි සමස්ත බලපෑම ද එයින් බැහැරව ඉදිරියට යාමේ මාවත ද තම පක්ෂය රජයට පෙන්වා දෙන බවය. 

අදාළ නිවේදනය පහතින් දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad