"අද අපි තනි වෙලා" - රවී රනිල්ගේ මූණටම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 14, 2021

"අද අපි තනි වෙලා" - රවී රනිල්ගේ මූණටම කියයි

බොහෝ කලකට පසු රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වී දැඩි විවේචනයක් එල්ල කර තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. මහ බැංකු හොරකම ගැන තමාට , රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන් ඇලෝසියස්ට චෝදනා කළාට එවකට විෂය භාර ඇමතිව සිටි කබීර් හෂීම් මහතා ගැන කිසිවකුත් කතා කරන්නේ නැති බව එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

කබීර් හෂීම් මහතා දැන් සිටින්නේ සමගි ජන බලවේගය සමඟයි.

ඔක්කොම තනි තනියෙන් වැඩ කලේ

සිය විවේචනයේ එතනින් නතර නොකළ කරුණානායක මහතා "යහපාලන ආණ්ඩුව කරපු වැඩ ගැන ප්‍රචාරය කළේ නැහැ.තනි තනියෙන් ප්‍රචාරක ව්‍යාපෘති කළා.අපි කරපු වැඩ ගැන දැන් තමයි කතා කරන්නේ.අද මම තනිවෙලා.ඔබ තනිවෙලා.ඒත් අපේ අදත් ප්‍රචාරක ව්‍යාපෘතියක් නැහැ. " යයිද කෘත්‍යාධිකාරි මණ්ඩලය අමතා සඳහන් කරා.

කරුණානායක මහතා හිටපු මුදල් අමාත්‍යවරයෙකුද වන නිසා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගැනද එහිදී කරුණු සඳහන් කොට තිබෙනවා.

බැසිල්ව විවේචනය කරමු

බැසිල් රාජපක්ෂ මහතා එම ධූරයට පත් කරපු එක ගැන එ.ජා.පය විවේචන කිසිවක් එල්ල කරන්නේ නැති බව පෙන්වාදුන් කරුණානායක මහතා ජනතාවට අද විශාල ප්‍රශ්න තිබෙන බවත් ඒ ගැන එකමුතුව හඬ නැගිය යුතු බවයි කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතා සඳහන් කර තිබෙන්නේ.

කරුණානායක මහතාගේ මෙම දැඩි විවේචනයට පක්ෂ නායක වික්‍රමසිංහ මහතා විරෝධයක් දක්වා නැති බවත් වාර්තා වනවා.

පක්ෂ නායක වික්‍රමසිංහ මහතා මෙම හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා එලබෙන සැප්තැම්බර් 6 වැනි දිනට යෙදී ඇති පක්ෂයේ 75 වැනි සංවත්සරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

-asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad