''රට තුළ ඇති තත්ත්වයට මුල ජනපති කේවට්ටයින්ගෙන් උපදෙස් ගැනීමයි'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

''රට තුළ ඇති තත්ත්වයට මුල ජනපති කේවට්ටයින්ගෙන් උපදෙස් ගැනීමයි'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

muruththettuwe ananda thero
මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය ඇති වී තිබෙනුයේ ජනාධිපතිවරයා වටා සිටින කේවට්ටයින් කිහිප දෙනෙකු නිසා බව  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ අවස්ථාවේ අදාළ කේවට්ටයින්ගේ නම් හෙළි නොකරන නමුත් ඉදිරියේදී එම නම් හෙළි කිරීමට සිදු වනු ඇතැයි උන් වහන්සේ පැවසූහ.

රට තුළ පෝලිම් ඇති වීමට හේතු වී ඇත්තේ ද, මෙම කේවට්ටයින්ගේ උපදෙස් හේතුවෙන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ.

කේවට්ටයින්ගේ උපදෙස් මත කටයුතු නොකර නිසි තීන්දු ගනිමින් ප්‍රශ්න විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එහිදී උන් වහන්සේ පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට 'රට රකින හඬ' සංවිධානය විශාල මෙහෙවරක් කළ බව ජනාධිපතිවරයාට මතක තිබේ ද යන්න පවා ගැටලුවක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad