අපි ලිඛිතවම කිව්වා! ඇමැති චන්නගේ ‘අපිට කිව්වේ නෑ’ කතාවට වෛද්‍ය සංගමයේ ‌සභාපතිනිය අද උත්තර දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

අපි ලිඛිතවම කිව්වා! ඇමැති චන්නගේ ‘අපිට කිව්වේ නෑ’ කතාවට වෛද්‍ය සංගමයේ ‌සභාපතිනිය අද උත්තර දෙයි!

‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බව කී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ෆේස්බුක් ඔස්සේ ද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බව ද සඳහන් කළාය.

කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය එසේ පැවසුවාය.

කෙසේවෙතත් පසුගිය දිනෙක රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කර සිටියේ රට වසන ලෙසට කිසිදු ‌වගකිවයුතු අංශයක් ප්‍රකාශ කොට නැති බවත්, එසේ කියන්නෛ් නම් රට වැසීමට ආණ්ඩුව සූදානම් බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad