කැබිනට් එක විද්‍යාත්මක නැතිලු! රතන හිමිට ආණ්ඩුවට ගහන්න හිතෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

කැබිනට් එක විද්‍යාත්මක නැතිලු! රතන හිමිට ආණ්ඩුවට ගහන්න හිතෙයි!

අමාත්‍යංශ සදහා විෂයයන් බෙදා හැරීමේදී කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සදහන් කර සිටිති.

උන්වහන්සේ සදහන් කළේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අවශ්‍ය නොවන නමුත් වහාම අමාත්‍යාංශ විද්‍යාත්මක පදනමින් ලබා දිය යුතු බවයි.

ඇතැම් ආයතන රාජ්‍ය අමාත්‍යාංශ යටතේ ගැසට් කර ඇති බැවින් අමාත්‍යවරුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද නාහිමියන් පාර්ලිමේන්තුවට පැවසීය.

“අපේ කැබිනට් මණ්ඩලය කිසිසේත්ම විද්‍යාත්මක නෑ. සාමාන්‍ය වෙනසක් සිදු කරනවාට වඩා විද්‍යාත්මක ක්‍රමයක් මත අපි අමාත්‍යාංශ වෙන් කළ යුතුයි,” යැයි උන්වහන්සේ පැවසීය.

එමෙන්ම කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට තීරණ ගැනීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ රතන හිමියෝ එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාවේ හෝ ආරක්ෂක අංශවල සහාය ලබා ගත යුතු බවත් පෙන්වා දුන්හ.


No comments:

Post a Comment

Post Bottom Ad