නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා ජංගම බෙදාහැරීමේ සේවාවලට අවසර හිමිවන අතර බේකරි නිෂ්පාදන විකිණීමට වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නෑ.
මේ අතර සාමාන්‍ය සායන නො පැවැත්වෙන නමුත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය නිවාස චාරිකා සිදුකළ හැකියි.
මීට අමතර ව පොලිසිය, ග්‍රාම නිලධාරී මෙන්ම අවශ්‍ය කාර්ය මණ්ඩලය සහිත ව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා හැකි වනවා.
සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් බැංකු විවෘත ව තැබෙන අතර මාර්ගගත බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.
විදුලිය - ජලය - විදුලි සංදේශ - ඉන්ධන පිරවුම්හල් ඇතුළු උපයෝගිතා සේවා පවත්වාගෙන යාමට ද බාධාවක් නැහැ.
ගොවිතැන, පශු සම්පත් මසුන් ඇල්ලීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිස්ත්‍රික් මායිම් නො ඉක්මවා යමින් දුරස්ථභාවය රඳවාගනිමින් සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්ට අවසර හිමිවන අතර සිල්ලර භාණ්ඩ මෙන්ම බේකරි නිෂ්පාදන බෙදා හැරීම සඳහා ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක කළ හැකියි.
ප්‍රවාහන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අවසර ලත් අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ ඩිලිවරි සේවාවන් සඳහා පමණයි.
කොවිඩ් නො වන මරණයක දී අවමංගල්‍ය කටයුතු පවුලේ සමීපත ම ඥාතීන්ගේ පමණක් සහභාගීත්වයෙන් පැය 24ක් ඇතුළත අවසන් කළ යුතුයි.
වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට සෞඛ්‍ය හේතුවක් මත මිස කිසිදු හේතුවකට නිවසින් බැහැරට නො යන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ඉදිකිරීම් ස්ථානවල දෛනික වැටුප් ලබන කම්කරුවන්ට නිශ්චිත වැඩකටයුතු සඳහා අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය යටතේ කිසිදු අවස්ථාවක මහජන ඒකරාශීවීම් තහනම් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment