ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන්නෙකු වන දුෂ්මන්ත චමීර 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා කැඳවා තිබේ.
මෙම තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංගට මුදලක් නියම නොවූ අතර පසුගිය ඉන්දීය තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වීම හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව හිමිව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම තරගාවලියේ පළමු අදියර ඉන්දියාවේදී පැවති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් එය අතරමග නතර කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ද මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කර තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment