රනිල්ගේ කොවිඩ් පාලන ඉල්ලීම්වලට ජනපතිගෙන් හරි උත්තරයක් නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

රනිල්ගේ කොවිඩ් පාලන ඉල්ලීම්වලට ජනපතිගෙන් හරි උත්තරයක් නෑ!

මෙරට කොවිඩ් අර්බුදය හමුවේ ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල කැඳවා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමු විය.

එක්සත් ජාතික පක්ෂයේ මීට දින කිහිපයකට පෙර, මෙම අර්බුදය හමුවේ ගත යුතු පියවර සම්බන්ධයෙන් සකස් කළ කරුණු 21 කින් සමන්විත යෝජනා මාලාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත.

එහි පවතින යම් යම් කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ වී ඇති බව සඳහන් වේ.

එසේ වුවද මෙම අර්බුදය පාලනය කිරීමේ අරමුණින් පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad