ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි

ඊයේ දිනයේ දී, තවත් කොරෝනා මරණ 74 ක් වාර්තා වීමත් සමග, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,645 දක්වා ඉහළ ගියේ ය.
ඒ අනුව, ඊයේ දිනයේ දී මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව, කොරෝනා වසංගතය මූලාරම්භ වූ චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියේ ය.

චීනයේ සිදුව තිබුණු සමස්ත මරණ සංඛ්‍යාව 4,636 කි.
එම මරණ සංඛ්‍යාවෙන් අති බහුතරය, එනම් මරණ 4,512 ක්ම සිදුව ඇත්තේ, වූහාන් නගරය අයත් හුබෙයි ප‍්‍රාන්තය තුළයි. චීනයේ අගනුවර වූ බීජින් වල සිදුව තිබුණු මරණ සංඛ්‍යාව 09 කි.


No comments:

Post a Comment

Post Bottom Ad