අන්තරේ විරෝධයේදී මහරගම OICගේ ඇඟිලි තුනකට වෙච්ච ‌වින්නැහිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

අන්තරේ විරෝධයේදී මහරගම OICගේ ඇඟිලි තුනකට වෙච්ච ‌වින්නැහිය

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී  පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාට පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළත් කළ බව පොලිස් උසස් පොලිස් නිලධාරියෙක් කිය.

රජයේ දේපළවලට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු කිරීම,පොලිස් නිලධාරියකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය


No comments:

Post a Comment

Post Bottom Ad