ධම්මක බණ්ඩාර හොරෙන්ම වැඩ... ඩෙල්ටා ප්‍රබේදයටත් අලුත් පැණියක් හදලා මාකට් එකට දාලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

ධම්මක බණ්ඩාර හොරෙන්ම වැඩ... ඩෙල්ටා ප්‍රබේදයටත් අලුත් පැණියක් හදලා මාකට් එකට දාලා!

කොරෝනා ආරම්භක සමයේ ඊට දේශීය ප්‍රතිකාරයක් ලෙස හදුන්වමින් පැණියක් නිපදුවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් ඩෙල්ටා ප්‍රබේදය සදහාද පැණියක් නිපදවා ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වනවිට අදාළ පැණිය ‌වෙළෙදපොළට නිකුත් කොට ඇති බවද දැනගන්නට ඇත.

ඉකුත් සමයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරු මෙන්ම ප්‍රධාන පෙළේ මාධ්‍යද මෙම ධම්මික පැණිය පිළිබද විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර කොරෝනාවට නිශ්චිත ඖෂධයක් බවද කියා සිටියේය.

නමුත් ඉකුත් සතියේදී ධම්මක පැණිය’ ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad