මෙවර රට අගුළු ලෑමේදී නම් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට රජයට හැකියාවක් ලැබෙනු ඇතැයි තමන් නොසිතන බවත් රුපියල් 2000ක පමණ දීමනාවක් නම් ලබාදීමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
"5000ක් මං හිතන්නෑ දෙන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා. මං හිතන්නෙ 2000ක් විතර මුදලක් තියෙන තත්වය තුළ දීගන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා මං විශ්වාස කරන්නෙ. ඔබට තේරෙනවා ඇති ආර්ථික වශයෙන් තියෙන අර්බුදය කොයිතරම් ප්‍රබලද කියලා. ඉතිං ඒ නිසා මං හිතන්නෙ අපි සියලු දෙනාම රටක් විදියට ලොක්ඩවුන් කිරීම තුළ හැබැයි අපි කොහොමහරි මේ ව්‍යසනයෙන් ගොඩ එන්න මේක නොකර බැරි නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මේකට අවශ්‍ය කරන මේ පියවර ගත්තෙ කියලා අපි විශ්වාස කරනවා"
"අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ මන්ත්‍රීවරුන් 14 දෙනාම තීන්දුවක් ගත්තා අපේ වැටුප පරිත්‍යාග කළයුතුයි කියලා කොවිඩ් ව්‍යසනයෙන් ගැළවිලා ඉන්න අපේ ආදරණීය ජනතාව වෙනුවෙන්. අපි බලනවා පල්ලෙහා ඉන්න අපේ මන්ත්‍රීවරුන් 1400කට වැඩි ප්‍රමාණයක්, ඒ අයගෙනුත් යම් එකතු කිරීමක් කරලා පක්ෂය විදියට මේ කොවිඩ් - 19 අර්බුදයට මුහුණ දෙන්න යම් ශක්තියක් ලබාදෙන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment