ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

ඉන්දියාව විසින් ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 

පුද්ගලයන් 28,000ක් යොදාගනිමින් සායනික පරීක්ෂණ සිදුකර ඇති මෙම එන්නත මාත්‍රා 03කින් ලබාදීමට නියමිතයි.  

සායනික පරීක්ෂණයට යොදාගත් පුද්ගලයින්ගෙන් 66%කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළදී නොතිබීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. 


No comments:

Post a Comment

Post Bottom Ad