Medical staff of the National Hospital - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 2, 2021

Medical staff of the National Hospital

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සදහා වෙන්කල වාට්ටු සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම දිනෙන් දින වර්ධනය වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වයිරසය ආසාදනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝදායන මධ්‍යස්ථානයන් වෙත යොමු කරන නමුත් එහි දින 10 රදවා ඉතිරි දින 4 නිවෙස්වෙත ඇරීමට කටයුතු කිරීමත් සමග ඔවුන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු පෙන්වාදේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිවෙස්වල වැඩිහිටියන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කර නොමැති පසුබිමක දින 10ක් නිරෝදායනය වූ පසුව ඔවුන්ව නිවෙස්වෙත පිටත්කර හැරීම තුළ නිවැසියන් සියලු දෙනා කොවිඩ් ආසාදනය ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව ඔහු පෙන්වාදේ.

තවද කොවිඩ් වයිරසය ආසාදනය වී නිරෝදායනයට ලක්ව නැවත රාජකාරී සදහා පැමිණෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩ සාමජිකයින්ව කොන්කිරීමට අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩ සාමාජිකයින්ම කටයුතු කිරීමේ පසුබිමක් මේ වන විට රෝහල් තුල නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වාදේ.

මෙවන් පසුබිමක් තුළ රජය අද (2) සිට සියලුම රාජ්‍ය සේවකයින් රාජකාරී සදහා කැදවා ඇති බවත් මේ අතර ගර්භනී තත්ත්වයේ පසුව හෙද නිලධාරීනියන්ද කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවල සේවය සදහා යෙදවිම නතර කළ නොහැකි බවත් මෙය ඔවුන්ගේ මෙන්ම කුස තුල සිටින දරුවන්ගේද ජීවිත දැඩි අනතුරකට හෙලීමක් යැයි සංගමය පෙන්වාදේ.


No comments:

Post a Comment

Post Bottom Ad