වෘත්තිය සමිති ව්‍යාපාරයේ බලපෑම හමුවේ ආණ්ඩුව විසින් දේශපාලන ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. නමුත් රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමේ සැලසුමක ආණ්ඩුව නැති බවත් ඔහු කියා සිටියේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කියා සිටියේ රට වසා ඇති කාලය තුළ මෙරට කොරෝනා පාලනය කිරීම සඳහාම විද්‍යාත්මක ප්‍රවේශයක ආණ්ඩුව නැති බවයි.
එම මාධ්‍ය අඹ එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මෙය රට වැසීමක් ලෙස නම් කළද සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා යයි කියමින් කැඳවමින් ඇති බවයි.
එනිසා මෙම වසා දැමීම ඔලමොට්ටල ලොක්ඩවුන් එකක් යයිද ඔහු පැවසීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment