කාලයක් සිනමාව තුළ නිරන්තරයෙක් දුටු මුහුණ සිනමාව තුළ තම නාමය රැන්දු නිළි රැජිනක්. ඇය නමින් ගීතා කුමාරසිංහ යි. සිනමාවෙන් දේශපාලනයට පිවිසෙන ඇය මේ වන දේශපාලන ලෝකය තුළ නමක් රදවා අවසන්. ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරියක ලෙස සිය ජිවන කටයුතු කරන ඇය මේ වන විට දැඩි නිහඩ චරියක්.
ඒ නිසාම ඒ නිහඩ බවට හේතුව අපි ඇයගෙන්ම අහන්න තිරණය කළා. “මම නිහඩ වෙලා නෑ. ඒත් මම දැන් ඉස්සර වගේ දේශපාලන වාද විවාද වලට යන්නේ නෑ. හැබැයි දැන් අහන්න එපා ඇයි දේශපාලනය ගැන කලකිරිලද කියලා. එහෙම දෙයක් නෑ. මම නෙවෙයි අපි කවුරු වුනත් දේශපාලනයේ පවතින ආණ්ඩුව එක්ක එකතු වෙලා යම් යම් තින්දු තිරණ ගන්න ඕනි….. වැරැද්දක් දැක්කොත් ඒ වැරදි පෙන්නලා දෙන්න ඕනි.
මම මගේ ගීතා කුමාරසිංහ කියන නම හදාගත්තේ දේශපාලනයෙන් නෙවෙයි. සිනමාවෙන්. සිනමාවේ හිටපු මම දේශපාලනයට ආවේ මගේ පෞද්ගලික බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න නෙවෙයි…. මොකද මම මගේ අයට පත්විම් අරන් දෙන්නවත්, මගේ ජිවිතේ ගොඩ යන්නවත් මම ආවේ නෑ. ඇත්තටම මම සිනමාවෙන් දේශපාලනයට ආවේ මේ රටට වැඩක් කරන්න. ජනතාවට වැඩක් කරන්න.”
සිනමාව තුළ නම රැදි ගීතා කුමාරසිංහ දේශපාලනය පිළිබද විවිධ අවස්ථා වලදි විවිධ දේවල් කියන නිසාම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපි කතා කරන්න හිතුවා. “කෙටියෙන් කිවොත් දැන් ඉන්න ඇමතිවරු අව්වට වැස්සට පවා කාන්තාරයේ ඉන්න ඔටුවෝ වගේ. මොකද ඔටුවෝ කාන්තාරේකට ගියහම අව්ව වැස්ස අදාල නෑ, ඉන්නම වෙනවනේ. මම කිසිම ආණ්ඩුවක් විවේචනය කරන්නේ නෑ. හැබැයි මම වැරදි දැක්කොත් කියනවා. අද මගේ ආසනේ කාටවත් රස්සාවක් ගන්න බෑ….. ප්‍රශ්නයක් කිවොත් අරයාට මෙයාට බෝලේ පාස් කරනවා…. මේකද වෙන්න ඕනි? ඇත්තටම අපි ජනතාවගේ ඡන්දයෙන් එන්නේ ඔවුන්ට දෙයක් කරන්න…. මම මේ රැකියා ප්‍රශ්නේ පිලිබඳ මහින්ද මහත්තයා එක්ක කතා කරන්න හැදුවා, එයා කියනවා බැසිල් එක්ක කතා කරගන්න කියලා. කොයි ආණ්ඩුව ආවත් ප්‍රශ්න ප්‍රශ්නම තමා ඒවා මේ කපේට සිදුවෙන්නේ නෑ” කියලයි ඇය පවසන්නේ.
No comments:
Post a Comment