ඉන්ධන අර්බුදය උග්‍රයි.. පුද්ගලික වාහනයක 03-04ක් ගමන් කිරීමට නීතියක් ගෙනා යුතුයි - රාජ්‍ය ඇමති දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 21, 2021

ඉන්ධන අර්බුදය උග්‍රයි.. පුද්ගලික වාහනයක 03-04ක් ගමන් කිරීමට නීතියක් ගෙනා යුතුයි - රාජ්‍ය ඇමති දයාසිරි

රට මුහුණ දී ඇති ඉන්ධන අර්බුදයත් සමඟ ජනතාව තම පෞද්ගලික වාහන භාවිත කිරීමේදී සැළකිලිමත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. වාහන ආනයන සීමා ඉවත් කරන්නේ කවදාද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කළේය.

“ඔබ වාහන ආනයනය කරන්නේ ඇයි? ඇත්තම කියනවා නම්, මම හිතන්නේ ලංකාවේ පුද්ගලික වාහනයක අඩුම තරමින් 3-4 යා යුතු බවට නීතියක් පනවන්න ඕනේ”

“ බොහෝ වාහන ප්‍රමාණයක් භාවිත කරන්නෙ තනි තනි පුද්ගලයින්. මේ   නිසා ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ යනවා. මේ මොහොතේ අප කල්පනා කළ යුත්තේ අලුත් වාහන ගෙන්වීම ගැන නොවෙයි.  තිබෙන වාහන වගකීමෙන් භාවිත කරන්නේ කෙසේදැයි යන්නයි…“ ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ මොහොතේ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳවද ඔහු සිය අදහස් දැක්වීය.

“දැනට ඉන්ධන ආනයනය කිරීමට මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 500 සොයා ගැනීමට නොහැකිව රටක් ලෙස අපි මුළු ලෝකයටම ණය ගැතියන් බවට පත්වෙමින් සිටිනවා. අනාගතයේදී අර්බුදය තවත් නරක අතට හැරෙන්න පුලුවන්. ඉදිරියේදී අවශ්‍ය කිරිපිටි පවා පිටරටින් ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මා සිතනවා.” ඔහු අවසන් වශයෙන් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad