උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 21, 2021

උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..

බලශක්තිය අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා මේ මොහොතේ සිය වගකීම නිසි අයුරින් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායක බන්දුල සමන් කුමාර මහතා පවසයි.

පවතින ඩොලර් හිගය හමුවේ වර්තමාන අමාත්‍ය වරයා වැන්නෙකු ඛනිජ තෙල් අමාත්‍ය ධූරය දරන නිසාවෙන් මෙවන් මට්ටමකින් හෝ ඛනිජ තෙල් අර්බුදය පාලනය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දේ.

බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ ඉදිරි දින කීපය තුළ රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් ඇතිවන බවත් එහිදී පැට්‍රල් සහ ඩීසල් අර්බුදයක් දැවැන්ත ලෙස ඇති වන බවත්ය.

එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කිරීම සහ රටේ පවතින ඩොලර් හිගයයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ලබන පාඩුවේ මිදීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 43 සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 18 කින් වැඩි කළ යුතු බව ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීම හේතුවෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරියේදී බංකොලොත් භාවයට පත් වීමට නියමිත බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad