ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා - දිලුම් අමුණුගම - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා - දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad