අයවැය දෙවැනිවර ඡන්දවිමසීම අද - රිෂාඩ්ලා විරුද්ධ වන බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

අයවැය දෙවැනිවර ඡන්දවිමසීම අද - රිෂාඩ්ලා විරුද්ධ වන බව කියයි

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බව රිෂාඩ් බදුයුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC) කියයි.

එම පක්ෂයේ නීති උපදේශක රුෂ්ඩි හබීබ් මහතා කියා සිටියේ මේ තීන්දුව ගනු ලැබුවේ සිය පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් පසුව බවයි.

අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදය අද (22) අවසන් වෙයි.

අද සවස 5.00ට ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිතය.

නොවැම්බර් 12 වැනිදා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා සිය මංගල අය-වැය ඉදිරිපත් කළ අතර අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදය නොවැම්බර් 15දා ආරම්භවී පුරා දින හතක් විවාද කෙරිණි.

අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (23) ආරම්භ කෙරේ.


No comments:

Post a Comment

Post Bottom Ad