ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 24, 2021

ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි!

ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.

මෙම උද්ධමනය ලෝකය මුහුණ දෙන කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවන උද්ධමනය අනුව ආරාධනා කර කැඳවාගත් උද්ධමනයක් බවද ඔහු පැවසීය.

ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි.

මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය තවදුරටත් ඉහළ යාමට නොදී පාලනය කරගත නොහැකි වුවහොත් සමස්ත ආර්ථිකයටම ඉතා විශාල බලපෑමක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad