බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 20, 2021

බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි…

ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව බස් සංගම් සඳහන් කරති. එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් කියා සිටී.

පැවති ඉන්ධන මිල මෙන්ම අමතර කොටස් මිල ඉහල යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ තිබියදී නැවත ඉන්ධන මිල ඉහල දැමීම මත වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතුව ඇතැයිද සංගමය කියා සිටී.

පොදු ප්‍රවාහන සේවාව කඩාවැටීම හේතුවෙන් ජනතාව පෞද්ගලික වාහනවලින් ගමන් බිමන් යාමට පෙළඹී ඇති නිසා දැඩි වාහන තදබදයක් නිර්මාණය ඇති ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad