රුපියල පා කරන්න කැබිනට් ඇමතිවරුන් එකග වෙති… දැන් එලියේ 250 සීමාවේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 23, 2021

රුපියල පා කරන්න කැබිනට් ඇමතිවරුන් එකග වෙති… දැන් එලියේ 250 සීමාවේ…

ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයෙන් හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනවාරි මස තුන් වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සිදුකිරීමට නියමිතය.
මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාද මෙම හමුව සඳහා කැඳවා තිබේ.

අමාත්‍යවරු බහුතරයකගේ මතය වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා රුපියල පා කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමත් සුදුසු බවයි.

රුපියල පා හැරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීමටද බහුතරයකගේ එකඟතාවය පළ ඇති බවත් වාර්තා වෙයි.

අවසන් කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති නමුත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම මීළඟ කැබිනට් මණ්ඩලයේ දී සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශිත විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක් මේ වන විට පවතින්නේ රුපියල් 200 සීමාවේය.

නමුත් මෙරට බාහිර විනිමය හුවමාරු කරන්නන් සහ ජාත්‍යන්තර මුදල් හුවමාරුවල ඩොලරයක් පවතින්නේ රුපියල් 250 සීමාවේය.

No comments:

Post a Comment

Post Bottom Ad