අලුතෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 3ක් දීමට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 23, 2021

අලුතෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 3ක් දීමට යයි


අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනකුට ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එය අවශ්‍ය ලියකියවිලි මේවන විට සකස් කර ඇති අතර එම බලපත්‍ර මේ මස 31 වැනිදිනට පෙර නිකුත් කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට මත්පැන් නිෂ්පාදනයේ නිරත මහාපරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනකුට අලුත් නිෂ්පාදනාගාර තුනක් පවත්වාගෙන යාම සඳහා මෙම බලපත්‍ර නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාර 25ක් ක්‍රියාත්මක අතර ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් බදුවංචා සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad