චීන පොහොරවල අහිතකර කිසිවක් නෑ.. සිංගප්පූරු පරීක්‍ෂාවෙන් සනාථයි.. ලංකාවට යලි බාර ගන්න වෙයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 23, 2021

චීන පොහොරවල අහිතකර කිසිවක් නෑ.. සිංගප්පූරු පරීක්‍ෂාවෙන් සනාථයි.. ලංකාවට යලි බාර ගන්න වෙයි…

චීනයේ සීවින් බයෝටෙක් සමාගම විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙලිවී තිබේ.

ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අර්විනියා් නැමැති බැක්ටීරියාව පවතින බව හෙලිවීමත් සමග එම පොහොර තොගය ප්‍රතික්ෂේප කරනු ලැබිය.

නමුත් චීන සමාගම එම ප්‍රතික්ෂේප කිරීම පිළිනොගැනීම මත තුන්වැනි පාර්ශ්වයක් ලෙස මෙම සිංගප්පූරු SGS සමාගමට පරීක්ෂණ සඳහා භාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජයද තුන්වැනි පාර්ශ්වයක් මගින් පරීක්ෂණ කිරීමට එකඟතාවය පළකර තිබිණි.

මේ අතර අදාළ සමාගම පොහොර තොගය සහිත නෞකාව ආපසු කැදවන ලද අතර ඒ සදහා වන්දි මුදලක් ගෙවීමට ද ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad