ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර රැසක් වරායේ හිරවේ.. මිල විශාල ලෙස ඉහල යාවි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 28, 2021

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර රැසක් වරායේ හිරවේ.. මිල විශාල ලෙස ඉහල යාවි..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන මෙරටට ගෙන්වා ඇති බහලුම් එක්දහස් පන්සියයක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විට වරායේ සිරවී තිබේ. ඊට හේතු වී ඇත්තේ මෙරට පවතින උග්‍ර ඩොලර් අර්බුදයයි.

මෙම බහාලුම් තුල මෙට‍්‍රික් ටොන් 30000ක පමණ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම භාණ්ඩ තොගය මුදා නොගතහොත් රට තුල එම භාණ්ඩ මිල වේගයෙන් ඉහල යනු ඇතැයිද ඔවුන් කියා සිටිති.

තිරිගු පිටි හැර වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මාසිකව ඩොලර් මිලියන 110 ක පමණ මුදලක් මෙරටට වැයවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad