මෑත කාලීනව සිදුවූ ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියෙන් වෙනස් කිරීමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 21, 2021

මෑත කාලීනව සිදුවූ ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියෙන් වෙනස් කිරීමයි

මෑත කාලීනව සිදුවූ ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියෙන් වෙනස් කිරීමයි

පසුගිය දින කිහිපයතුල   ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කළේය.

මෙහිදී තම කමිටුව සිදුකළ පරීක්ෂණවලදී ගෑස් පද්ධතියට සම්බන්ධව තිබූ කිසිවක් වෙනස්කර නොතිබූ බවට තහවුරු වූ බවත් ගෑස් සිලින්ඩරය තුළ තිබෙන ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට තහවුරු වූ බවත් ඔහු පැවැසීය.

" සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ගෑස් ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. 

සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. 

සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ."

No comments:

Post a Comment

Post Bottom Ad