වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- ශ‍්‍රීලනිප සමුළුවේදී යෝජනා කෙරේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 23, 2021

වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- ශ‍්‍රීලනිප සමුළුවේදී යෝජනා කෙරේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට කෑගල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී යෝජනා කර තිබේ. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්මේලනයේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවේ ගමන් මාර්ගය පිළිබඳව එහිදී පාක්ෂිකයන් විසින් දැඩි විවේචන එල්ල කර ඇති අතර ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

නමුත් පක්ෂ නායකයා ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad