පාස්කු ප‍්‍රහාරය ගැන දහම් සිරිසේනගෙන් හෙලිදරවුවක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 26, 2021

පාස්කු ප‍්‍රහාරය ගැන දහම් සිරිසේනගෙන් හෙලිදරවුවක්…

පාස්කු දින ප්‍රහාරය සිදුවන දිනයේ තම පියා සහ පවුලේ අය මෙරට නොසිටි බවට ඒ දිනවල මෙන්ම අද වන විටද විවිධ කතා නිර්මාණය කරමින් චෝදනා කලත් තමා එදින සිටියේ ලංකාවේ බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.

සිරස ” 10 QUESTION ” වැඩසටහනට එක්වෙමින් සිදුකල සංවාදයේදී ඔහු වැඩිදුටත් මෙසේ සඳහන් කර සිටින ලදී.

” මගේ පියා ජනාධිපති වූ කාලයේදී වඩාත්ම සංවේදී වූ සිදුවීම වූයේ පාස්කු දින ප්‍රහාරය. ඒ කාලයේ මෙන්ම අදටත් මා පෞද්ගලිකව මගේ පවුලේ සියලු දෙනාම කණගාටු වන සිද්ධිය තමයි පාස්කු දින සිද්ධිය. එදා එම ප්‍රහාරය වූ දින බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අපේ මුලු පවුල පිටින්ම පිටරට ගිහින් හිටියේ කියලා. නමුත් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ ඒ අවස්තාව වෙනවෙලාවෙත් මම ලංකාවෙ තමයි හිටියෙ. කොළඹ ජනාධිපති නිල නිවසේ ඉඳලා කොලඹින් බැහැර වෙන්න සූදානමින් ඉන්න වෙලාවෙ තමයි මේ සිද්ධිය වෙලා කියල ආරරංචිය ලැබුනෙ. ”

ඉන් පසුව යොමුකල පැනයට ඔහු මෙසේ පිලිතුරු ලබාදුන්නා..

” 2015 මගේ තාත්තා ජනාධිපති වුණාට පස්සේ මාව ආශ්‍රය කරපු ,මගේ ළඟින් හිටපු යාලුවෝ කීප දෙනෙක්ම දැන් මාත් එක්ක කතා කරන්නේ නැහැ. එයාලා මගෙන් උදව් ඉල්ලුවා. හැබැයි මගේ තාත්තා ජනාධිපති වුනා කියලා ඒවා කරන්න බෑ. මොකද ජනාධිපතිධූරය මටවත් මගේ පවුලේ අයටවත් ලැබුන එකක් නෙමේ.”

” ඇත්තටම අද රටේ තිබෙන තත්වය ගැන සතුටු වන්න බැහැ. අද රටේ ජනතාව පැත්තෙන් ගත්තාම ඔවුන් අධික පීඩනයෙන් ජීවත්වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පරිසරය පැත්තෙන් ගත්තාමත් සිදුවන හානිය වැඩියි.” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටින ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad