අවුරුදු තෑගි : සිමෙන්ති මිටියක මිල යළිත් රුපියල් 100කින් ඉහළට ! වසරක් ඇතුලත 400කින් නැගලා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 1, 2022

අවුරුදු තෑගි : සිමෙන්ති මිටියක මිල යළිත් රුපියල් 100කින් ඉහළට ! වසරක් ඇතුලත 400කින් නැගලා..

කිලෝ ග්‍රෑම් 50 කින් යුතු සිමෙන්ති බෑගයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. දේශීය සිමෙන්ති නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරන්නේ අද දිනයේ සිට මෙම මිල ඉහළ නැංවිම ක්‍රියාත්මක වන බවයි.

මෙම මිල වැඩි කිරිම සමඟ සිමෙන්ති බෑගයක මිල රුපියල් 1375 ක් දක්වා ඉහළ යයි.

වසරක් වැනි කාලයක් ඇතුළත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400ක් පමණ මුදලකින් ඉහළ ගොස් තිබේ.

සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වීමට තීරණය කිරීම නිසා සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad