අගමැති තිරුපති ගිය ජෙට් එක කාගේදැයි කිව යුතුයි.. 2015 පැරදුනෙත් මේ වගේ දේවල් නිසයි…- විදුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 1, 2022

අගමැති තිරුපති ගිය ජෙට් එක කාගේදැයි කිව යුතුයි.. 2015 පැරදුනෙත් මේ වගේ දේවල් නිසයි…- විදුර

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනා කිරීම සඳහා ගමන් ගත් පෞද්ගලික ගුවන් යානය කාගේදැයි ජනතාවට හෙළි කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍යවරයා ඕනෑම ගුවන් යානයක යාම ගැටලුවක් නොවුණ ද එය කාගෙන්ද කොහෙන්ද යැයි ජනතාවට කිව්වේ නම් සැක සංකා මතු නොවන බවද හෙතෙම කියා සිටී.

සති අන්ත පුවත්පතක් වෙත ඔහු මෙසේ අදහස් පල කර ඇත.

‘දැන් මෙතැන ප්‍රශ්නෙ වෙන්නේ ගිය ගමන නෙවෙයි. කාටද ගුවනා යානය අයිති කියන එක. අහවලාගේ අහවලා දුන්නා කියලා විවිධ කතා යනවා. නමුත් කවුරුවත් හරියට දන්නෙ නෑ. ඇත්තටම මේවා තමයි සැකයට කාරණා. 2015දිත් පරාද වෙන්නේ ජනතාව අතර මෙවැනි සැක සංකා මතු වීම නිසයි. මේ මොහොතේත් එවැනි සැක සංකා මතු වෙමින් තිබෙනවා. මේ ජෙට් එකත් එක්තරා සැකයක්. ඒ නිසා රජය හෝ කවුරුන් හෝ මේ ගැන ජනතාවට සත්‍ය කිව යුතුයි. ඇයි මේවා කියන්නෙ නැත්තේ. ඇයි කියන්න බැරි’

No comments:

Post a Comment

Post Bottom Ad