නාමල්ගේ ලේකම් හා උප ලේකම්ටත් ස්ථාන මාරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 3, 2022

නාමල්ගේ ලේකම් හා උප ලේකම්ටත් ස්ථාන මාරු

නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරය දරණ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා හා එහි අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා ඉදිරි වෙනස් කිරීම්වලදී අදාළ ධූරවලින් ඉවත් කිරීමට යන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මොවුන් දෙදෙනා විසින් යහ පාලන සමයේදී ද අයථා ලෙස මුදල් ඉපැයූ බවට චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරිකයන්ට සහය දැක්වීම නිසා බව පැවසේ.

මොවුන්ට මෙසේ චෝදනා එල්ලවීමට වඩාත් ආසන්න සිද්ධිය වී ඇත්තේ වසර 2019 වීරවිල පැවැති 'යොවුන් පුරය' ට විදුලි සැරසිලි කරන ලද රංජිත් ඉලෙක්ට්‍රොනික්ස් නැමැති ආයතනයට මිලියන 3ක මුදලක් ගෙවීමට විශේෂ උනන්දුවක් දැක්වීමය.

අදාළ සමාගම විසින් තමන්ට විදුලි සැරසිලි සඳහා රුපියල් මිලියන 3ක මුදලක් ගෙවීමට ඇති බව කියමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇති බවත්, එම මුදල ගෙවන ලෙස දන්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්වරයාට තරුණ කටුයුතු අතිරේක ලේකම් සමන් ඩී. වඩුගේ මහතා ලිපියක් යොමුකර තිබේ.

(අදාල ලිපිය පහත දැක්වේ.)

කෙසේවුවද, අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළිව ඇත්තේ එවැනි ලිපියක් ඔහුවෙත ලැබී නොමැති බවත්, ඔහු විසින් එවැනි නිර්දේශයක් කර නොමැති බවත්ය.

එසේම රංජිත් ඉලෙක්ට්‍රොනික්ස් නැමැති ලිපි ශීර්ෂයක් සහිතව අමාත්‍යවරයාට මේ ඉල්ලීම කළේ යැයි කියන ලිපියෙහි අත්සනක්ද නොමැතිවීම නිසා මේ සැකය තවත් වර්ධනය වී ඇතැයි පැවසේ.

(අදාළ ලිපිය පහත දැක්වේ.)


-srilankamirror





No comments:

Post a Comment

Post Bottom Ad