මට සමහරු නින්දා අපහාස කරනවා - ඒ කිසිවෙකුත් මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 2, 2022

මට සමහරු නින්දා අපහාස කරනවා - ඒ කිසිවෙකුත් මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි - ජනපති

මට සමහරු නින්දා අපහාස කරනවා
ඒ කිසිවෙකුත් මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි - ජනපති

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යොත්සවය ඊයේ (02) පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්වුණා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමා තිබේ.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙම ගෞරව සම්මානය ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපතිවරයාට පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරට ත් දැක් වේ.

එහිදී සභාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට බවයි.

ජනාධිපතිවරයා වැඩි දුරටත් ඒ පිලිබදව පැවසූයේ මෙලෙසයි

“මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා. පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා.”

“ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad